මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේදී රුපියල් බිලියන 50ක අතිරේක ආදායමක් වාර්තා කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව සහකාර කොමසාරිස්වරුන් 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් එම දෙපාර්තමේන්තු මූලස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ, නාස්තිය අවම කිරීම මඟින් බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් ඉලක්ක ඉක්මවායාමට හේතුවක් වූ බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
