විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත Takafumi Kadono හමු වූයේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන ය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්, අප රට බංකොලොත් වූ අවස්ථාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් නගා සිටුවීම උදෙසා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදු කිරිම සම්බන්ධයෙන් Takafumi Kadono වෙත සිය ස්තූතිය පිරිනමන ලදී. ඉන් අනතුරුව පවතින ආපදා තත්ත්වයෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත Takafumi Kadono දැනුවත් කළ අතර මේ අසීරු අවස්ථාවේ නැවත රටක් ලෙස නැගී සිටීමට සහයෝගය ලබා දෙන ලෙස ද ගෞරවයෙන් ඉල්ලා සිටියේ ය.

