පාසැල්වලට පණ දෙන්න ‘ප්‍රතිෂ්ඨා‘ එයි

පාසැල්වලට පණ දෙන්න ‘ප්‍රතිෂ්ඨා‘ එයි

ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රතිෂ්ඨා නමින් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බව පැවසේ.

ඔහු සඳහන් කළේ 1988 දුරකථන අංකයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි බවය.

07765 823 65 හා 071 99 323 25 යන WhatsApp අංක දෙකක්ද ඒ සඳහා හඳුන්වා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ආපදා මෙහෙයුම් කමිටුව මගින් එම කටයුතු සම්බන්ධීකරණය කරයි.

ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1506 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උතුරු පළාතෙනි..එම සංඛ්‍යාව 330කි.

බස්නාහිර පළාත් පාසල් 266කට, මධ්‍යම පළාතේ පාසල් 136 කට හා සබරගමුව පළාතේ පාසල් 115 කට හානි සිදුව තිබේ.

නැගෙනහිර පළාතේ හානියට පත් පාසල් සංඛ්‍යාව 221ක් වන අතර වයඹ පළාතේද පාසල් 136 කට හානි සිදුව ඇති බව අමාත්‍යංශය සඳහන් කරයි.

ඌව පළාතේද පාසල් 129 කට හානි සිදුව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න