බූස්ස බන්ධනාගාරය තුළදී තම විවාහය ලියාපදිංචිය ජයටම ගැනීමට ඉඩ නොදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රභලයෙකු වන පියුම් හස්තික හෙවත් පියුමා සහ තවත් අයෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනාට එරෙහිව රත්ගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ද ලබාගෙන තිබේ.
මෙම දෙදෙනාගේ පහර කෑමට ලක්ව තුවාල ලැබූ බූස්ස බන්ධනාගාරයේ අධිකාරි ඩබ්ලිව්. අරවින්ද කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධ කල්ලි නායකයකු බව කියන පානදුරේ කුඩු සලිඳුගේ සමීපතම සගයා බව කියන ‘පියුමා’ නමැති අයට එරෙහිව මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් ඇති බව පොලිසිය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
