දින 10කට අවදානම් තත්ත්වයක් පිළිබඳව රතු අනතුරු ඇඟවීම් !

දින 10කට අවදානම් තත්ත්වයක් පිළිබඳව රතු අනතුරු ඇඟවීම් !

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ.

දෙසැම්බර් 09 සිට 19 දක්වා දින දහය තුළ මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන් ම, ඉදිරි දින කිහිපයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබීමට ද ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ මොනවා ද?

මහනුවර දිස්ත්‍රික්කය:
හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ උඩුනුවර, පාතදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:
කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරණායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ

කුරුණෑගල දිස්ත්‍රික්කය:
මාවතගම, මල්ලවපිටිය, රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:
නාඋල, විල්ගමුව, පල්ලේපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලේගම, උකුවෙල, රත්තොට, මාතලේ, යටවත්ත

එමෙන් ම අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අවදානම් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඇති ප්‍රදේශවලින් තාවකාලිකව ජනතාව ඉවත් කිරීමට අදාළ නිවේදන මෙම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බව ය.

මේ දිනවල සහ ලබන සතියේ වැසි තත්ත්වය කෙසේ ද?

ඉදිරි සතියේ වැසි තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ විමසීමකදී එහි කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බව ය.

"උතුරු නැගෙනහිර, පොළොන්නරුව වගේ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබෙන්න පුළුවන්," ඇය පැවසුවා ය.

"ඒ වගේ ම දෙසැම්බර් 12න් පස්සේ උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල වැසි තත්ත්වයක් තියෙනවා. උතුරු පළාතට ටිකක් තද වැසි කියන එක අඩු වෙන්න පුළුවන්. බස්නාහිර, සබරගමුව පැතිවලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ලැබෙන්න පුළුවන්."

එහිදී බීබීසී සිංහල විමසා සිටියේ, වැසි තත්ත්වයේ අඩුවක් අපේක්ෂා කළ හැකි වන්නේ කවදා ද යන්න ය.

"සාමාන්‍යයෙන් දෙසැම්බර් 15 වගේ වෙද්දී වැසි තත්ත්වයේ පොඩි අඩුවක් වෙන්න පුළුවන්. නමුත් දෙසැම්බර් 17න් පසුව නැවත නැගෙනහිර, උතුර, උතුරුමැද පළාත්වල නැවත වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති වෙන්න පුළුවන්," කාලගුණ විද්‍යාඥවරිය පැවසුවා ය.

(උපුටා ගැනීම - BBC සිංහල )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න