දිට්වා අසරණ පවුල්ම ඩැහැගෙන - එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කියයි

දිට්වා අසරණ පවුල්ම ඩැහැගෙන - එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කියයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩා විඳී ලක්ෂ 23 ක ජනතාවගෙන් හරි අඩක් දැඩි අවදානමට ලක් වූ පවුල්වලට අයත් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එම පවුල් සුළි කුනාටුව පැමිණීමට පෙර සිටම ස්ථිර ආදායමක් නොමැතිකම, ඉහළ ණය බර සහ තවත් ආපදාවකින් පීඩාවිඳීමට නොහැකිකමින් පෙළී ඇතැයි එහි දැක්වේ.

එම ප්‍රජාවන් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසුව සිය ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට යාමේදී අනෙක් පුද්ගලයන්ට වඩා අසීරුතාවලට මුහුණ දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසුවේය.

ඒ හේතුවෙන් හදිසි සහාය සැපයීමේ දී ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් එම සහාය සැපයීමට රජය කටයුතු කළ යුතු බවත් ප්‍රථමයෙන් දැඩි අවදානමට ලක්වූ පවුල් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවලට සහාය හිමිවිය යුතු බවත් සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කළේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් මෙරට ඉඩම් හෙක්ටයාර ලක්ෂ 11 ක් ජලයෙන් යට වී ඇති බවත් එයා ශ්‍රී ලංකා භූමියෙන් පහෙන් එකක් බවත් එම වැඩසටහන පැවසුවේ ය.

(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න