තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අද (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති අතර, එය හෙට (10) උදෑසන 7.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.

ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, එහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු ඇඟවීම් අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 

(Adaderana)

 
595407249 1172230218430791 6354101716765521636 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න