ගංවතුරට හසුවූ වාහනවලට වෙන්න යන දේ

ගංවතුරට හසුවූ වාහනවලට වෙන්න යන දේ

ගංවතුරට හසු වීම නිසා වාහනවල ලේඛන නැති වූ හෝ හානි වූ වාහන හිමියන්ට සහාය වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබේ.

“ජනතාව තවමත් බරපතළ තත්ත්වයක ඉන්නේ. ඔවුන්ගේ නිවාස සහ වාහන ජලයෙන් යට වෙලා බොහෝ දෙනෙකුට ඔවුන්ගේ වාහනවලට අදාළ ලේඛන නැවත ගන්න බැරි තත්ත්වයක තියෙන්න ඉඩ තියෙනවා. එම නිසා අවශ්‍ය තොරතුරු රැස් කිරීමට සහ ප්‍රතිස්ථාපන ලේඛන නිකුත් කිරීමට අපි ජංගම සේවා දියත් කරනවා,”යනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසා තිබේ.

ආණ්ඩුවට විපක්ෂයට එකතු වෙන්න සැලැස්මක් ජනපති හෙලිකරයි

ව්‍යසනයට ලක් වී ඇති රට ගොඩනැඟීම සඳහා වසර 3ක ඉලක්කයක් සහිත විශේෂ සැලසුමක් සකස් කරන බවත්, ඒ වෙනුවෙන් විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කොට සම්මත කරගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඒ සැලසුමට සහය දීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පාර්ලිමේන්තුවේදී වසර කිහිපයක් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්නා දුන්නේය.

මේ කාලය තුළ පාර්ලිමේන්තුව ජාතික සභාවක් ලෙස එකට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට පිටින් කිසිවක් සිදු නොකරන බවටද සහතික විය.

ව්‍යසනයේදී බේගල් කී 57ක් හොයාගෙන

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ 57 දෙනකු හඳුනාගෙන ඔවුන් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පැවසීය.

ඔවුන් පිළිබඳ විමර්ශනවලින් පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවද සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අතර මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසන්නේ ඇළවේලි පුපුරන බව ඇතුළු විපතට පත් ජනතාව කලබලයට පත් කරවන පුවත් පැතිරීම වැළැක්වීම රජයේ වගකීමක් බවයි.

හදිසි නීතිය මාධ්‍ය මර්දනය කිරීමට හෝ ජනතාවගේ අදහස් පළ කිරීමේ නිදහස ඇහිරීමට යොදාගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවද ඇමැතිවරයා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න