ආපදා තත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගමනාගමනයට බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පවසයි.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආපදා තත්වයෙන් පසු ප්‍රවාහන හා මහාමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ පැවැති මාධ්‍ය සාකාච්ඡාවේදී අදහස් දක්වමිනි.
මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග වලින් ඉතා විශාල ප්‍රමාණයක් ආපදාවෙන් හානියට පත් වූ බවද එනම් මාර්ග 256ක් ස්ථාන 298ක් සම්පූර්ණ ගමනාගමනයට බාධා ඇති වූ බවද අධ්‍යක්ෂ ජනරාල් වැඩි දුරටත් පැවසුවේය.
එම මාර්ග ජලයෙන් යටවීමෙන්, පස්කඳු කඩාගෙන වැටීමෙන්, ගල් පෙරලීමෙන්, ගස් වැටීමෙන් ආදි ක්‍රම මගින් අවහිර වූ බව සිහිපත් කළ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පාලම් 40ක් පමණ හානියට පත් වූ බවද සඳහන් කළේය.
මෙම ව්‍යවසය වුණු අවස්ථාවේදී මහනුවර,නුවරඑළිය,බදුල්ල,අනුරාධපුරය,පුත්තලම වැනි සමහර නගර වලට යාමට කිසිදු මාර්ගයක් නොතිබු බව ද එම නගර සඳහා භාවිතා කරන සියලුම මාර්ග අවහිර වී පැවති බවද සිහිපත් කළ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාර්ග යළි යථා තත්වයට පත්කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ඉතාම ක්ෂණයකින් ක්‍රියාත්මක වී කටයුතු කළ බවද අවධාරණය කළේය.
මෙම ස්ථාන 298න් මාර්ග 252ක් මේ වන විට විවෘත කරගැනීමට හැකි වීම සම්බන්ධව දිවා රාත්‍රී නොබලා වැඩ කටයුතු කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවාගේ සිට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දක්වා සියලු කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත බව ද පැවසුවේය.
ගමනාගමනය සඳහා විවෘත කිරීමට අපේක්ෂිත ඉතිරි කොටස් කිහිපය තව දින තුනකින් පමණ සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කිරීමට මේ වන විට පැය 24 පුරාම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රාජකාරී කටයුතු කරමින් සිටින බවද අවධාරණය කළේය
(Ada)

