රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධයෙන් නිවේදනයක්

රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධයෙන් නිවේදනයක්

බිඳවැටුණු රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු එළඹෙන ඉරිදා (07) වනවිට යථා තත්ත්වයට පත්කොට එම ප්‍රදේශවලට විදුලි සබඳතාව ලබාදීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් රන්ටැඹේ - මහියංගනය කිලෝ වෝල්ට් 132 සම්ප්‍රේෂණ පද්ධතියේ කුළුණක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර රැහැන්වලට ද බරපතළ හානි සිදු විය.

මේ හේතුවෙන් මහියංගනය ප්‍රදේශයට මෙන්ම දිවයිනේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලට ද විදුලි සැපයුම බිඳ වැටුණි.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාකාරීවී කිලෝ වෝල්ට් 33ක තාවකාලික සම්බන්ධතාවයක් හරහා එම ප්‍රදේශයේ රෝහල්, ජල පොම්පාගාර වැනි අත්‍යාවශ්‍යය ස්ථානවලට විදුලිය ලබාදීමට කටයුතු කළේය.

එමෙන්ම නිශ්චිත ප්‍රදේශයකට කඩින්කඩ පැය කිහිපය බැගින් විදුලිය ලබාදීමේ ක්‍රමවේදයක් ද ඔවුන් විසින් ක්‍රියාත්මක කර තිබුණි.

කෙසේ වෙතත් මෙම කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍යවරයා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයෙදී අමාත්‍යවරයා, විදුලි සම්ප්‍රේෂණ කුළුණක් සම්පූර්ණයෙන් විනාශ වී අලාභ හානි සිදු වූ බෝවතැන්න ජලවිදුලි බලාගාරය ද නිරීක්ෂණය කළේය.

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න