ආපදාවෙන් නිවාස නැති වී කඳවුරු වල සිටින උදවියට කුලී නිවසකට යාමට අවශ්‍ය නම් මාස තුනක් දක්වා රුපියල් 25000 බැගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජීවනෝපායක් සකසා ගන්නා තුරු ඔවුන්ට මාස තුනක් යනතුරු රුපියල් 50000 බැගින් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නිවස ආපදාවට ලක්වී අර්ධ වශයෙන් හානි වී තිබේ නම් පිළිසකර දීමනාව ලෙස උපරිම ලක්ෂ 25 බැගින් ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.
හානි වූ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා ලක්ෂ පනහක හානි පූර්ණ දීමනාවක් දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වී ධාන්‍ය, බඩ ඉරිඟු ආදී වගා හානි සඳහා හෙක්ටයාරකට එක් ලක්ෂ පනස්දාහ බැගින් ලබා දෙන බව කී ජනාධිපතිවරයා එළවලු වගාව සඳහා හෙක්ටයාරයකට ලක්ෂ දෙක බැගින් දීමනාවක් දෙන බව සඳහන් කළේය.
ආපදාවට ලක්වූ ලියාපදිංචි සත්ව පාලන ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ද ලියාපදිංචි කර තිබෙන සියලු ව්‍යාපාර සඳහා රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් අප ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලියාපදිංචි ඕනෑම ධීවර බෝට්ටුවක් සම්පූර්ණයෙන් හානියට වී තිබේ නම් රුපියල් ලක්ෂ හතරක දීමනාවක් දෙන බව කී ජනාධිපතිවරයා ආපදාවට ලක්වූ පාසල් සිසුන් සඳහා රුපියල් 25000 බැගින් දීමනාවක් දෙන බව සඳහන් කළේය.
අපදාව නිසා ඉඩම අහිමි වී හෝ ඉඩම අවදානම් නම් රජයෙන් ඉඩමක් හෝ ලක්ෂ පනහ දක්වා දීමනාවක් ලබා දෙන බව ජනාධිපතිවරයා කීය.
මියගිය අයගේ ඥාතීන්ට මියගිය අය වෙනුවෙන් ලක්ෂ දහය බැගින් ලබා දෙන්නට කටයුතු කරන බවත් ගංවතුරෙන් අවතැන් වූ හැම නිවසකටම රුපියල් 25000 බැගින් දෙන්නට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ වන විට ආපදා හේතුවෙන් නිවාස 5165ක් විනාශ වී ඇති අතර නිවාස 57312ක් අර්ධ හානි වී තිබෙන බව සඳහන් කළේය.පවුල් 55747ක පුද්ගලයන් ලක්ෂ දාහතකට අධික පිරිසක් ආපදාවට මුහුණ දී ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

