අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් කොළඹ ජනතාවට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් අද දින තම දිවා ආහාරය පරිත්‍යාග කර තිබේ.
බන්ධනාගාර බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව රැඳවියන්ගේ දිවා ආහාරය පිළියෙල කිරීම සඳහා භාවිතා කරන වියළි ආහාර පරිත්‍යාග කර ඇත.
වියළි ආහාර අතර සහල් කිලෝග්‍රෑම් 750 ක්, කඩල කිලෝග්‍රෑම් 100 ක්, කව්පි කිලෝග්‍රෑම් 100 ක් , සීනි කිලෝග්‍රෑම් 100 ක් සහ පරිප්පු කිලෝග්‍රෑම් 100 ක් සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් ඇතුළත් විය.
ආහාර ද්‍රව්‍ය අද දින කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර වෙත භාර දෙන ලදී.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
