හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර පවසයි.
හැටන්, වටවල, දියගල හා කළුගල යන ප්‍රදේශවලින් මෙලෙස පස් කඳු කඩා වැටී තිබුණි.
මේ වනවිට එක් මංතීරුවක් විවෘත කරගැනීමට අවශ්‍ය කටයුතු, විශාල බැකෝ යන්ත්‍ර ප්‍රමාණයක් පෞද්ගලික හිමිකරුවන් විසින් ද යොදවා කඩිනමින් සිදුකරමින් පවතී.
එහෙත් මාර්ගයෙහි තවදුරටත් නායයෑමක් සිදුවිය හැකිදැයි වඩාත් විමසිලිමත් විය යුතු බවද සඳහන්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
