මාලිමා ආණ්ඩුවේ ඩිජිටල් අමාත්‍ය එරංග වීරරත්න හට බරපතල චෝදනාවක් එල්ල කරමින් සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, නියෝජ්‍ය අමාත්‍යවරයාට කොටස් හිමි සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු කිහිපයක් ලබාගෙන ඇති බවයි.
නමුත් ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමන්ගේ කොටස් එම සමාගමේ ඇති නමුත් අදාළ කොන්ත්‍රාත්තු ලබා ගත්තේ තමන් ඇමැති වෙන්නට පෙර සිට බවය.
එරංගට මන්ත්‍රී ධුරයත් අහිමි වෙනවා - අජිත් පී. පෙරේරා
ඩිජිටල් අමාත්‍ය එරංග වීරරත්න ගේ සමාගමක් රජය සමග ගිවිසුමකට එළඹ තිබීම හේතුවෙන් නීතිමය තත්ත්වයට අනුව මන්ත්‍රීධුරය දැරීමට නුසුදුසු බව නීතීඥ අජිත් පී පෙරේරා පැවසීය.
ඔහු කියා සිටියේ 1977දී ඇල්බට් සිල්වා ට සහ රාජිත සේනාරත්න මෙම කාරණාව මතම මන්ත්‍රී ධූරය අහිමි වූ බවකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
