උතුරු නැගෙනහිර පළාත්වල සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ට එම පාසල්වලට ම පත්වීම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්: පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (24) පැවැත්විණි.
සිංහල මාධ්‍යය පාසල් ගුරු සහයකවරු තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක් මෙම ගැටලුවට විසඳුම් අපේක්ෂා කරයි. අදාළ සුදුසුකම් මත පත්වීම් ලබාදීම පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහි දී පැවසුවා ය.
මෙම අවස්ථාවට සිසු සෙවණ සංවිධානයේ සභාපති කෝසල පත්තිනිගේ ඇතුළු නියෝජිත පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය පී සත්‍යලිංගම්,කාදර් මස්තාන් යන අය ද එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
