අමු මිරිස් මිලත් ලෙල්ලටම බහියි

අමු මිරිස් මිලත් ලෙල්ලටම බහියි

ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ සියඹලෑව පුලියන්කුලම , මයිලගස්වැව,හිඹුටුගොල්ලෑව යන ප්‍රදේශවල බොහෝ ගොවීන් ගොඩ බෝගයක් ලෙස වර්ෂයේ සෑම කන්නකදීම අමු මිරිස් වගාව සිදුකිරීම දක්නට ලැබෙන මේ වන විට වගාවෙහි අස්වනු නෙලීම සිදු කරමින් පවතී.

විශාල කාලයක් ශ්‍රමයක් සහ මුදලක් වැය කර සිදු කරනුලබන අමු මිරිස් වගාවට පවතින විවිධ පනු රෝග සහ දිලීර හේතුවෙන් පීඩාවට පත්ව සිටින මිරිස් ගොවීන් පෙන්වා දෙන්නේ වෙළඳපොළක් තුළ පවතින කෘෂි රසායනික යෙදවුම් යෙදුවද මිරිස් වගාවට පවතින රෝග දුරු කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතු ඇතිි බවත් එමෙන්ම තම වගාවන්හි නෙලා ගනු ලබන අස්වැන්න සඳහා දඹුල්ල සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිසි මිලක් නොමැති බව ගොවීන් මැසිවිලි නගයි.

මිරිස් වගා කල ⁣ගලෙන්බිදුණුවැව ගොවීන් පෙන්වා දෙන්නේ මේ වන විට අමු මිරිස් කිලෝවක් නිෂ්පාදනය කිරීම සහ කෘෂි නාසක මෙන්ම අස්වනු නෙළීම සඳහා විශාල ශ්‍රමිකයන් පිරිසක් භාවිතා කිරීමට සිදුවන බවත් එමගින් විශාල පිරිවැයක් දරා නෙලාගනුු ලබන මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් 80ක මට්ටමේ පැවතීම තුළින් ගොවින් කබලින් ලිපට වැටී ඇති බව පවසන ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මිරිස් අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

(ගලෙන්බිදුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න