අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (23) දිනයේත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවසදහන් කරයි.
මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) සිදුවු නායයාම හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය පහල කඩුගන්නාව ප්‍රදේශයෙන් තවදුරටත් සම්පුර්ණයෙන් වසා තැබේ.
මේ අතර උසස් පෙළ විභාගය සදහා මහනුවර සහ කඩුගන්නාව විභාග මධ්‍යස්ථාන වෙත සහ ගාල්ල, මාතර ඇතුලු ආපදාවට ලක් ප්‍රදේශවල දරුවන්ට විශේෂ ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු යොදා තිබේ.
මහනුවර ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ පිහිටා තිබු නිවසක් සහ වෙළදසැලක් මතට පස් සහ විශාල ගල් පෙරළීමෙන් අනතුරක් සිදුවුණේ ඊයේ (22) උදෑසනය.
එම අනතුරෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
අදාළ ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් එම ප්‍රදේශය නැරඹීම සදහා පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම ප්‍රදේශය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු වෙරගල යුද හමුදා කඳවුරේ මැදිහත්වීමෙන් සිදුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මහනුවර කොළඹ මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් වසා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම්දෙයි.
ඒ අනුව කොළඹ සිට කුරුණෑගල හරහා , කොළඹ සිට කරඩුපන හරහා , කොළඹ සිට මාවනැල්ල හේම්මාතගම ගම්පළ හරහා , කොළඹ සිට මාවනැල්ල ගනේතැන්න හංදියෙන් කෝවිල්කන්ද හරහා පිළිමතලාවට පිවිසිය හැකි බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.
හෙට (24) දිනයේ පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සිය විභාග මධ්‍යස්ථාන වෙත යාමට මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝව මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමටයි කටයුතු යොදා තිබේ.
මේ අතර නායයාමට ලක්වු කඩුගන්නාව ප්‍රදේශයට ඉහළින් පිහිටා ඇති දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වේග සීමා සහිතව සිදුවන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.
කඩුගන්නාව ප්‍රදේශයේ තවදුරටත් අවදානම් තත්ත්වයක් පවතින බැවින් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ලැබීම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතී.
ගංගා රැසක ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිං , නිල්වලා , කළු , යන ගංගා සහ දැදුරු ඔය මෙන්ම අත්තනගලු ඔයේ ජලමට්ටම් ඉහළ යමින් පවති.
ගිං ගගේ ජලමට්ටම ඉහළ යාමත් සමග දොඩංගොඩ , මාපලගම , නාගොඩ , උනන්විටිය , බද්දේගම ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවති.
අද (23) උදෑසන වන විට ගිං ගගේ ජල මාපකය සටහන් වුයේ 4.17ක් ලෙසය.
මාතර දිස්ත්‍රික්කයේ තත්ත්වය
මාතර දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වය අද (24) උදෑසන වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේය.
ඌරුබොක්ක ඔය පිටාර ගැලම හේතුවෙන් වැඩිම බලපෑමට ලක්වු ඌරුබොක්ක ප්‍රදේශය යථා තත්ත්වයට පත්ව ඇති බව මාතර දිස්ත්‍රික් සහන සේවා ඒකකය පැවසීය.
නිල්වලා ගග සහ එහි අතු ගංගාවක් වන කිරමආර ඔය පිටාර ගැලීමෙන් මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යටව පවති.
අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය සහ අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
මේ අතර පොල්ගොල්ල , අලිකොටආර , රාජාංගනය , අංගමුව ඇතුලු ජලාශ රැසක වාන් දොරටු තවදුරටත් විවෘතව පවති.
අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බොහෝ ස්ථානවල ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් රිය ධාවනයේ දී විමසිලිමත් වන ලෙස දැනුවත් කෙරේ.

