අයවැය පැරදුණු පුංචි සභා තිහක් පඹ ගාලක !

අයවැය පැරදුණු පුංචි සභා තිහක් පඹ ගාලක !

පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක අයවැය පරාද වීම හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ තත්වය හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමට ඒවායේ ප්‍රධානීන් නීති උපදෙස් ගනිමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන්ද එම සභාවලට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි පැවසේ.

අයවැය පරාජයට පත් වූ පළාත් පාලන ආයතන වැඩි සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින ඒවාය.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන ආයතන වල අයවැය දෙවතාවක් පරාජයට පත් වුවත් ඒවා පවත්වාගෙන යෑමේ හැකියාවක් සභාපතිවරයාට ඇති බවයි.

මේ අතර ආනමඩුව ප්‍රාදේශීය සභාවේ බලය නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහා පිහිටුවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීවේය.

(lankadeepa)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න