නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කාලප තුනක්, වයඹ, නැගෙනහිර හා දකුණු පළාත් වල එක් ආයෝජන කලාපය බැගින් ඒ අනුව පිහිටුවන බවයි.
අක්කර 300 ක විශාලත්වයෙන් යුත් උතුරු පළාතේ කන්කසන්තුරෙයි ආයෝජන කලාපයේ ඇගලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතයි
අක්කර 200 ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායානික නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මාන්කුලම් ආයෝජන කලාපය අක්කර 200 ක විශාලත්වයෙන් යුක්තයි.
කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන එකතු කළ අගය මත අපනයනය කිරීම සඳහා එහි පහසුකම් සැලසෙයි.
අර්ජුන හේරත් මහතා පැවසුවේ, ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පිහිටුවන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
