දිවයිනේ පිහිටි කිසිදු රෝහලක වර්ජනයක් නැහැ - රජයේ වෛද්‍ය සංගමය

දිවයිනේ පිහිටි කිසිදු රෝහලක වර්ජනයක් නැහැ - රජයේ වෛද්‍ය සංගමය

දිවයිනෙහි පිහිටි කිසිදු රෝහලක මේ වන විට වැඩ වර්ජනයක් ක්‍රීයාත්මක නොවන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ එම සංගමය අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ තම සංගමය රජයට බල කර සිටින්නේ: රෝගීන්ට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ යනාදිය රෝහල් වෙත කඩිනමින් ම ලැබීමට සලස්වන්නැයි බල කර සිටීම පමණක් බවයි.

රොගීන්ට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ යනාදිය ලබා දීම රාජ්‍යයේ වගකීම බවත්, එම සේවා අහිමි කිරීම රෝගින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම අවධාරණය කළේ ය.

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න