මාලිමාවට බලය හිමි සොරණාතොට ප්‍රා.ස අයවැය දෙවන වරටත් පරාදයි

මාලිමාවට බලය හිමි සොරණාතොට ප්‍රා.ස අයවැය දෙවන වරටත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (21) පරාජයට පත්ව තිබේ.

එහිදී විපක්ෂය නියෝජනය කරන සභිකයින් 07 දෙනෙකු අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කර තිබුණි.

අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 06ක් ඡන්දය භාවිතා කර තිබූ අතර ඒ අනුව එක් ඡන්දයකින් ජාතික ජන බලවේග පරාජයට පත්වුණි.

මේ අතර අද දින අයවැය ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාවට නොපැමිණි බවද වාර්තා වෙයි.

මෙම සභාව තුළ විපක්ෂයට සභික ධූර 10ක්ද, ජාතික ජන බල වේගයේ සභිකයින් 06 දෙනෙකුද සමන්විතය.

මේ අතර සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අද පැවැති අයවැය විවාදය අතරතුර හදිසියේ අසනීප වූ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කළේය.

පසුගිය නොවැම්බර් මස 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජයට පත්වුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න