නාමල් රාජපක්ෂගේ නීති උපාධිය පිළිබඳ මාලිමා ආණ්ඩුවේ විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර EduRank නම් රටවල් 183ක විශ්වවිද්‍යාල 14,131ක විද්‍යාත්මක පත්‍රිකා 115,295,786ක දත්ත ගබඩාවක් ඇති ප්‍රමුඛ පෙළේ ශ්‍රේණිගතකිරීමේ ස්වාධීන ආයතනයක් විසින් එංගලන්තයේ City University of London නම් විශ්වවිද්‍යාලයේ විශේෂ ආදි විද්‍යාර්ථීන් 100 දෙනෙකුගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර ඇත.
එහි ප්‍රථම ස්ථානය එංගලන්තයේ පළමු අගමැතිනි මාග්‍රට් ත්‍රැචර්ට හිමිවී ඇත.
දෙවැනි ස්ථනය ඉන්දීය පළමු අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරුට හිමිවී ඇත.
තුන්වැනි ස්ථානය එංගලන්ත හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට හිමිවී ඇත.
6වැනි ස්ථානය පකිස්ථාන හිටපු අගමැති අලි බූතෝට හිමිවී ඇති අතර 7වැනි ස්ථානය හිමිවී ඇත්තේ එංගලන්ත හිටපු අගමැති හෙන්රි ඇස්කුයිත්ටයි.
මෙම ලැයිස්තුවේ 45වැනි ස්ථානය හිටපු ක්‍රීඩා අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට හිමිවී ඇත.
අදාල ලැයිස්තුව මෙන්න :
100 Notable alumni of City, University of London
Updated: March 02, 2025 EduRank
සබැඳි පුවත් :
තමන්ගේ උපාධිය ගැන නාමල් කියන කතාව

