අනුර කුමාර දිසානායකලාට සභ්‍යත්ව විඥානය ගෑවිලාවත් නැහැ - බෙංගමුවේ නාලක හිමි

අනුර කුමාර දිසානායකලාට සභ්‍යත්ව විඥානය ගෑවිලාවත් නැහැ - බෙංගමුවේ නාලක හිමි

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රත්‍යාලෝකනය 2025 පසු ගිය 13වන දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එම අවස්ථාවේ දී ගුණදාස අමරසේකර විසින් රචිත 'සභ්‍යත්ව රාජ්‍ය නිර්මාණය' නමැති ග්‍රන්ථය ද ජනගත කෙරිණි.

එම උත්සවය අමතමින් අදහස් ප්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමි පැවසුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙන් ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වැරැදුණේ තමන් බලයට පත් කළ සභ්‍යත්ව විඥානය පිළිබඳව අල්ප මාත්‍ර අවබෝධයක් හෝ නොතිබුණු බැවින් යැයි 'සභ්‍යත්ව රාජ්‍ය නිර්මාණය' කෘතියේ සඳහන් වන බවයි.

වර්තමානයේ බලයේ සිටින අනුර කුමාර දිසානායකලාට එකී සභ්‍යත්ව විඥානය කිසි සේත් ම නැතැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම අවස්ථාවේ දී: ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ 'අමරසේකර ප්‍රත්‍යවේක්ෂා' ගීතය ගායනා කළේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෝලිත භානු දිසානායක ය.


ඔහු ජාතියේ ප්‍රාඥයෙක් - ත්‍රීකුණාමලේ ආනන්ද මහ නා හිමි


උත්සවයේ ප්‍රධාන අනුශාසනාව කළ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත ‍මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රීකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් වහන්සේ වදාළේ ගුණදාස අමරසේකර ලද විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතුපාදක කරගනිමින් ම ඔහුගේ ස්වාධීන චින්තනය ද මුසු කරමින් හෙතෙම ජාතියේ ප්‍රාඥයකු බවට පත්ව ඇති බවයි.


ගුණදාස අමරසේකර නොමැකෙන පිය සටහන් තැබූ සාහිත්‍යධරයකු වූයේ කෙසේ ද...? - මහාචාර්ය ජයන්ත අමරසිංහ


උත්සවය ඇමතූ රුහුණ සරසවියේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ පැවසුවේ විසි වයස් තරුණයකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි ගුණදාස අමරසේකර මේ තාක් නොමැකෙන පිය සටහන් තැබූ සාහිත්‍යධරයකු ලෙස මේ සමාජයේ තහවුරු වූයේ කෙසේ ද යන්න තමා තුළ දැඩි කුතුහලයක් පවතින බවයි.

ගුණදාස අමරසේකර විසින් රචිත 'බළල් කුණා' නමැති කාව්‍ය ද මෙහි දී ගායනා කෙරිණ; එම කාව්‍ය ගායනා කළේ දයාපාල ජයනෙත්ති ය.


අමරසේකර ගේ නිර්මාණ තුළ ස්ථානික විඥානය මෙන් ම ඓතිහාසික විඥානය ද අන්තර්ගත වුණා - සුනිල් සරත් පෙරේරා


ගුණදාස අමරසේකර ගේ නිර්මාණ තුළ ස්ථානික විඥානය මෙන් ම ඓතිහාසික විඥානය ද අන්තර්ගතව තිබුණේ යැයි මෙම උත්සව සභාව ඇමතූ ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න