කොළඹ මහජන පුස්තකාලයෙන් ආරාධනයක්...!

 කොළඹ මහජන පුස්තකාලයෙන් ආරාධනයක්...!

මේ දවස්වල අපි දන්නවා සමස්තයක් විදියට පොත් මිල ඉතාම වැඩියි කියලා. ඒ නිසා පුස්තකාලයක සාමාජිකත්වය ලබාගන්න පුළුවන් නම් ඒක පොත් කියවීමට උදව්වක් වගේම පසුම්බියටත් සහනයක්.


මේ ලිපියෙන් විමසා බැලෙන්නේ කොළඹ මහජන පුස්තකාලයේ බැහැර දෙන අංශයෙන් සාමාජිකත්වය ලබාගන්න පුළුවන් ආකාර කිහිපයක්.

සාමාජිකත්වය ලබා ගන්නේ කෙසේ ද...?

කොළඹ නගර සීමාව තුළ පදිංචි අයට සේවා සැපයීමට තමයි කොළඹ මහජන පුස්තකාලය සැකසී තිබෙන්නේ. එහෙත් කොළඹ නගර සීමාවේ පදිංචි නැති වුණත්, කොළඹ නගර සීමාව තුළ ඉගෙනුම් කටයුතු කරන එහෙම නැත්තම් රැකියා කරන අයට පුළුවන් කොළඹ මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගන්න. මේ සඳහා කොළඹ නගර සීමාවේ පදිංචි ඇපකරූවෙක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්තම් ඇපකරුවෙක් වෙනුවට රු.2000ක මුදලක් තැන්පත් කරන්නත් පුළුවන්. සාමාජිකත්ව ගාස්තු ඔබ පදිංචිකරුවෙක් ද නැද්ද යන්න මත වෙනස් වෙනවා.

ඇපකරුවෙක් මාර්ගයෙන් සාමාජිකත්වය ලබාගැනීම

අපි මුලින්ම බලමු ඇපකරුවෙක් මාර්ගයෙන් සාමාජිකත්වය ලබාගන්නෙ කොහොමද කියලා. පුස්තකාලයෙන් ලබාගන්නා හෝ අන්තර්ජාලයෙන් ලබාගන්නා පුස්තකාල අයදුම්පතක ඔබේ තොරතුරු සහ ඇපකරුවාගේ තොරතුරු පුරවා ඔබ පුස්තකාලයට භාර දිය යුතුයි. ඡායාරූප ගැනීම සිදුවන්නේ පුස්තකාලයේ දීය. එවිට ඇපකරුවාට තැපැල් මගින් තහවුරු කිරීමේ ලිපියක්/තැපැල්පතක් ලැබෙනවා. එය අත්සන් කර මහජන පුස්තකාලයට ලබාදිය යුතුයි. එවිට ඔබට තැපැල්පතක් මගින් ඒ බව දැනුම් දෙනවා. එවිට ඔබට පුස්තකාලයට ගොස් සාමාජික කාඩ්පත ලබාගන්න පුළුවන්. ඩිජිටල් කාඩ්පත ලැබෙන්න මාස 6ක වගේ කාලයක් ගත වුණත්, ඒ කාලය තුළදීත් ඔබට පොත් බැහැරට ගෙන යාමට පුළුවන්.

ඇපකරුවෙක් නොමැතිව සාමාජිකත්වය ලබාගැනීම

ඇපකරුවෙක් නොමැතිව රු. 2000ක් තැන්පත් කිරීමෙන් ඔබ සාමාජිකත්වය ලබාගන්නවා නම් එක් දිනකින් ම ඔබට පුස්තකාල සාමාජිකත්වය ලබාගෙන පොත් බැහැරට ගෙන යාමට පුළුවන්. රු. 2000ට අමතරව ඔබ සාමාජික ගාස්තුවකුත් ගෙවිය යුතුයි. එක් සාමාජික කාඩ්පතක් සඳහා බැහැර දෙන අංශයෙන් පොත් 4ක් මාසයක කාලයක් සඳහා ඔබට ලබා ගැනීමට පුළුවන්.

කොළඹ මහජන පුස්තකාලයේ සාමාන්‍යයෙන් හොඳ පොත් එකතුවක් තිබෙනවා. ළමා පුස්තකාලය සඳහා වෙනම සාමාජිකත්වය ලබාගත යුතුයි. සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන් ම පොත් ඔබට බැහැර දෙන අංශයෙන් ලබාගන්න පුළුවන්.

රජයේ නිවාඩු දිනවල සහ බදාදා දිනවල මහජන පුස්තකාලය වසා තැබෙනවා. කොළඹ මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් හිටියා නම් මේ ලිපියෙන් ඒ සඳහා උදව්වක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා.

මගේ පොත් කතා - Ramblings of a Reader

(උපුටා ගත්තේ පොත් හුවමාරුව හා විකුණුම් මිතුරෝ Face book පිටුවෙන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න