Language Switcher

V2025

දුමින්ද යළිත් රිමාන්ඩ් කෙරේ

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක  ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔහු අද (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ති‌බෙයි.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක  මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.