පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභික නාමලේඛන ලබන 30 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන්නැයි නියම කරමින්, මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරීපත් වූ සහ තෝරා ඒවා ඇති සභිකයින්ගේ නම් ගැසට් පත්‍රයේ පළ කළ යුතුව ඇති බවයි.
මැතිවරණය අවසන් වී දින 21 ක් ගතව ඇතැත් තෝරා එවිය යුතු නියමිත සභික සංඛ්‍යාව මෙතෙක් ලැබී නොමැති බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව එක් එක් පක්ෂය හා කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු ඇති සියලුම සභිකයින්ගේ නම් ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීන් වෙත නම්කර එවිය යුතු බව ගැසට් පත්‍රයේ දැක්වේ.
පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වී ප්‍රථිපල නිකුත් කිරීමෙන් පසු ඒ ඒ පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ වූ කාන්තා සභිකයින් ඇතුළුව තෝරා එවිය යුතු සභිකයින් කඩිනමින් දැනුම් දිය යුතුයි.
මැතිවරණ කොමිසම පවසන්නේ, ලබන 30 වැනිදා වන විට දෙවැනි නාම ලේඛන ලබා නොදෙන්නේ නම්, සභිකයින් නම් කිරීමේ වගකීමෙන් කොමිසම ඉවත් වන බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
