අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට පත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තුන් දෙනෙකු ලබන ජුනි මස 6 වැනිදා දක්වා බන්ධනාගාරයේ රදවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (23) නියම කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට අමතරව මෙලෙස රිමාන්ඩ් ගත කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ සේවය කරන සහකාර කළමනාකාරවරු දෙදෙනෙකි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්, නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
ඔවුන් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන, රුපියල් ලක්ෂ 40 ක මුදලක් ද, අල්ලස් කොමිසම භාරයට ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
