ලෝක බැංකු සභාපති අජේ බංගාර් මහතා හෙට(06) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
ලෝක බැංකු සභාපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 20ට පමණ පසුව වීම විශේෂත්වයකි.
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව වාර්තා වේ.
ලෝක බැංකු සමූහය දැනට මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන ඇතුළුව ඩොලර් බිලියන 2.2 ක ව්‍යාපෘති රැසක් හරහා ශ්‍රී ලංකාවට සහාය දක්වයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
