සබරගමුවේ නවකවදය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ්

සබරගමුවේ නවකවදය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ්

නවක වදය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා අප්‍රෙල් 29 වෙනිදා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් වේ.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට  චරිත් දිල්ශාන් ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවදය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.

එවන් පසුබිමක ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත  විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න