Language Switcher

Ad

Ad 01

V2025

ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05)  ආරම්භ කර තිබෙයි.

දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය.

එමෙන්ම ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් ද යොදවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි.