වමේ දේශපාලනය බෝඩ් ලෑල්ලේ විතරයි - නිමල්

වමේ දේශපාලනය බෝඩ් ලෑල්ලේ විතරයි - නිමල්

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති අතර, අද එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සංවත්සර උත්සවයට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේද පැවසීය.

"කිරි හට්ටියට දෙන මුදල්වලට සංවිධායකකම දුන්නේ නෑ. ශක්තිමත් සංවිධායකයෝ හෙව්වා, පාරේ ගියපු රස්තියාදුකාරයෝ අරගෙන සංවිධායකකම දුන්නේ නෑ. එහෙමයි එතුමිය පක්ෂය ආරක්ෂා කළේ. එතුමිය ගැහැණියකට වඩා පිරිමියෙක් වගේ. අන්න ඒ වගේ පිරිමි නායකත්වයක් අපිට අවශ්‍යයි මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න. එතුමිය එක්ක වැඩකටයුතු කරන්නට අපිට ඉතාම ආසයි. අපිට විශ්වාසයක් තියෙනවා. උදේ නැගිටිනකොට අපේ සංවිධායකකම් ඉවත්කරලා නෑ කවදාවත්. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. එදා අනුර බණ්ඩාරනායක තමන්ගේ පුතාගේ ඒ තහනම් කිරීමේ ලිපිය අත්සන් කරන්න මමයි එතුමිය ළඟට අරන් ගියේ. මැතිණිය විනාඩි දෙකක් ඔළුවට අත තියාගෙන ඉඳලා අත්සන් කරලා දුන්නා. ඒකාධිපති වුණේ නෑ. පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කරගෙන වැඩි බලතල ඕන කියලා ගන්න ගියේ නෑ. ඒ නිසා එතුමියට කවුරුත් ආදරය කළා. දැන් මේ ලෝකයේ වාම දේශපාලනයක් නෑ. රුසියාවේ වාම දේශපාලනයක් තියෙනවා ද?, චීනයේ වාම දේශපාලනයක් තියෙනවා ද ? අද කියුබාවට ජාතික දිනය පවත්වන්න තෙල් ටිකක් හොයාගන්න නෑ. වෙනිසියුලාවටත් එහෙමයි. ඒ නිසා මේ වාම දේශපාලනය තියෙන්නේ හුදෙක් බෝඩ් ලෑල්ලක විතරයි. අපේ මේ ප්‍රතිපත්තියක් තියෙනවා කියලා ඒක බදාගෙන ඉඳලා හරියන්නේ නෑ. අපි අලුතින් හිතන්නට ඕන."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න