අවම වැටුප රු. 5000කින් ඉහළට

අවම වැටුප රු. 5000කින් ඉහළට

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඊට අමතරව දෛනික වැටුප රු. 500 සිට 700 දක්වා රු. 200කින් වැඩි කිරීමට ද හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවක ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී ඇත.

2016 අංක 3 දරන සේවක ජාතික අවම වේතන පනත අනුව ජාතික අවම වැටුප රු. 12,500ක් ලෙස නියම කරනු ලැබ තිබිණි.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයින් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් එම වැටුප ඉහළ දැමීමට නිර්දේශ කර ඇතැයි රජය පැවසීය.

මීට අදාළ යෝජනාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න