පසුගිය මාර්තු මාසයේ පැවති රුසියාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ව්ලදිමීර් පූතින් සඳුදා සිව් වැනි වරටත් ජනපති පදවියේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙසින් මේ වනවිට ඔහු වසර 18ක් රටේ පාලන බලය හොබවා තිබෙන අතර, ඔහුගේ එම පාලන සමය සාර් අධිරාජයෙකුගේ පාලනය හා සමාන වූවක් බවට විවේචකයෝ චෝදනා කරති.
පූතින් පාලනයට එරෙහිව මොස්කව් අගනුවර සහ වෙනත් ප්‍රධාන නගරවල පසුගිය සෙනසුරාදා පැවති විරෝධතාවලදී උද්ඝෝෂකයන් සහ කැරලි මර්ධක පොලිසිය අතර ගැටුම් හටගත්තේය.
නගර 19 ක පැවති උද්ඝෝෂණවලදී දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

ඇයි මේ උද්ඝෝෂණ?
2012 දී පූතින් පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේදීට වඩා මෙවර උත්සවය සරල මට්ටමකින් පැවැත්වෙනු ඇති බව AFP පුවත් සේවය වාර්තා කර තිබුණි. එහිදී ජනාධිපති පූතින් සිය මැතිවරණ ව්‍යාපාරයට ආධාර කළ ස්වේච්ඡා සේවකයන් පමණක් මුණගැසෙනු ඇතැයි අපේක්ෂා කෙරිණ.
පූතින් සහ ට්‍රම්ප්: මෙන්න වෙනසබටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා65 හැවිරිදි ජනාධිපති පූතින් මාර්තු මාසයේ පැවති මැතිවරණයේදී 76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ නමුදු, මැතිවරණයේ බරපතල ඡන්ද දූෂණ සිදු වූ බවට ඇතැම් ජාත්‍යන්තර නිරීක්ෂකයෝ චෝදනා කළහ.
එමෙන්ම රටේ ප්‍රධානම විපක්ෂ නායකයා වන අලෙක්සේයි නවාල්නිට (Alexei Navalny) මැතිවරණයට ඉදිරිපත්වීම තහනම් කරනු ලැබ තිබිණ.
රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් සිටින බවට ද දේශීය විරුද්ධවාදීහු ජනාධිපති පූතින්ට චෝදනා කරති.
ජනපති පදවියට පත් රහස් ඔත්තුකරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
