යාපනය වඩුක්කෝට්ටේ පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසළදී අඹුසැමි යුවළක් පැහැරගෙන ගිය අවස්ථාවේ නාවික හමුදා සෙබළුන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට නාවික හමුදාව තීරණය කර තිබේ.
නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පවසන්නේ අදාළ විමර්ශනයේදී නාවික හමුදා සෙබළුන් වැරදිකරුවන් වුවහොත් ගතහැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවය.
වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දියේ පිහිටි නාවික හමුදා මුරපොළ අසලදී කිසියම් පිරිසක් අඹුසැමි යුවළකට අමානුෂික අයුරින් පහරදී පැහැරගැනීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය 11 වනදාය.
එලෙස පැහැරගැනීමෙන් පසුව පිරිමි පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබුණි.
එදින පැහැරගැනීමේ සිදුවීම නාවික හමුදා මුරපොළ අසල CCTV කැමරාවක සටහන්ව තිබු බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
