රනිල් -රවී කජීමාවත්ත නිවාස ප්‍රශ්නය විසඳයි !

රනිල් -රවී කජීමාවත්ත නිවාස ප්‍රශ්නය විසඳයි !

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති හා නිර්ණායකයන්ට අනුකූලව එම කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කජීමා වත්ත නිවාස ගැටලුව පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ පවතින ඌන උපයෝජිත රජය සතු ගොඩනැගිලි සහ ඉඩම් පිළිබඳව සොයා බලා එම ඉඩම් වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම වැඩපිළිවෙළ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයෝජන මගින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම කොළඹ නගර සීමාව ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන රජයේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා රජය මගින් තවදුරටත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එය දුෂ්කර වුවද ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ද, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු අදාළ ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.{gallery}kajimawaththa{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න