විරෝධතාකරුවන් 13 ක් නිදොස්කොට නිදහස් : අධිකරණ තීන්දුව මෙන්න !

විරෝධතාකරුවන් 13 ක්  නිදොස්කොට නිදහස් : අධිකරණ තීන්දුව මෙන්න !

ගෝල්ෆේස් අරගලය සමයේදී බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කථානායකවරයාට ලිපියක් බාරදීමට ගොස් විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටි සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කර ඇත.

වසර දෙකක් පුරාවට මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුව විභාග වූ අතර එහි අවසන් තීන්දුව ලබාදෙමින් මෙම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර නියෝග කළාය.

2022 මැයි මස 04 හෝ ඊට ආසන්න දිනකදී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනෙකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලීසියේ රඳවා තබාගනිමින් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ .

සංවිධානාත්මකව අයුතු ජනරාශිය ඇති කිරීම, අයුතු ජනරාශියක සාමාජිකයන් වීම, පොලීසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත පොලීසිය මගින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.

එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරු එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න