රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යළි පත් කර තිබේ.
තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කර ඇත.
මෙසේ පත්කළ සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම් ගරු කථානායකවරයා විසින් අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව ශෙහාන් සේමසිංහ, සීතා අරඹේපොල, (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, ගරු විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක , හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු නීතිඥ මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරයන් මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
