Language Switcher

V2025

බර අඩු පාන් විකිණූ බේකරි 232කට නඩු

පාන් සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙබරවාරි 05 වන දා දිවයින පුරා වැටලීම් ආරම්භ කළ අතර ඊයේ (පෙබ. 8) දක්වා බේකරි සහ වෙළෙඳ සල් පරීක්ෂා කිරිමේදී නියමිත බර ප්‍රමාණය මෙන් ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක් පමණ වැටලීම් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

අද (පෙබ. 9) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ බව සඳහන් කළේ ය.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, නියමිත බර ප්‍රමාණය මෙන් ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳ සල්වලට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව ත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදු කරන බව ත් ය.

පාරිභෝගිකයන් හට යම් පැමිණිල්ලක් ඇතොත් ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977ට ලබා දිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.