Language Switcher

V2025

අනුරලා ඉන්දියාවට ගියේ ජනපති මොල හේදූ නිසයි - නිමල්

ජාතික ජනබලවේගයේ නායකයන් ඉන්දීය නායකයන් හමුවට ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ජනබලවේගයේ මොල සෝදන ලද නිසා බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා පැවසීය .

ඉන්දීය ව්‍යාප්තවාදය ගැන දේශන පැවත් වූ අය අද ෆුල් සූට් ඇඳගෙන ඉන්දීය නායකයන් හමුවීම ගැන සතුටු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කර සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

ඉන්දියාවේ අදානි හා අම්බානි ව්‍යාපාරිකයන් මෙරට ආයෝජනය කිරීමට ඒමේදී ඔවුන් එය විවේචන කළ ආකාරයද සිහිපත් වන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.