Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

රටපුරා මදුරු කීට ඝණත්වය පහළට

මේ වනවිට රටපුරා මදුරු කීට ඝණත්වය පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන  පවසයි.

පසුගිය වසරේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිටෝ දර්ශක අගය 20 - 25 අගයක් දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එම අගය 10 - 15 දක්වා පහත වැටී ඇති බව ඔහු පවසයි.

කෙසේ වෙතත් කාලගුණයෙහි පවතින ක්ෂණික වෙනස් වීම් හමුවේ බිටෝ ඝණත්වය නැවත ඉහළ යා හැකි බව ද නජිත් සුමනසේන  පැවසීය.