Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කෙහෙළිය ඉල්ලා අස්වෙයි

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකර තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල  රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.

කෙහෙලිය රඹුක්වැල්ල  සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එල්ල වූ අදාල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයන් ද ඉදිරිපත් කෙරිණි.