යුක්තිය දිගටම : පැය 24ට සැකකරුවන් 987ක් අත්අඩංගුවට !

යුක්තිය දිගටම : පැය 24ට සැකකරුවන් 987ක් අත්අඩංගුවට !

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති  යුක්තිය මෙහෙයුම යටතේ අද (21) අලුයම අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324ක් ඊට ඇතුළත් ය.

ඊට අමතර ව පහත සඳහන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ද පොලිස් භාරයට ගෙන ඇත.

හෙරොයින් 270gක්
අයිස් 140gක්   
ගංජා 18kgයි 358gක්  
ගංජා පැළ 27,242ක්
මාවා 552gක්
මදන මෝදක 175gක් 
තූල් 52gක් 
මත්පෙති 1,080ක් 

පොලිසිය සඳහන් කරන ආකාරයට  මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 12 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම වත්කම් විමර්ශන 05ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවද  පොලීසිය පවසයි.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශය ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 324 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් ව සිටි සැකකරුවන් 90ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 222ක් ද සිටින බව පොලීසිය පවසයි.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට නොගෙන සිටි සැකකරුවන් 11ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 01ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න