කුමන්ත්‍රණ අරගල වලින් පොහොට්ටුව බය කරන්න බෑ - නාමල්

කුමන්ත්‍රණ අරගල වලින් පොහොට්ටුව බය කරන්න බෑ - නාමල්

කුමන්ත්‍රණවලින් අරගල වලින් බය කර පොහොට්ටුව වට්ටන්න බැරි බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

විශාල ජන සහභාගීත්වයකින් යුතුව පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ය.

පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරන බවත් ඒ සමග එක්වන ලෙස ශ්‍රි ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිත බවද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න