යහපාලන සම්මුති ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර හෙට(02) දිනයේ දිවුරුම්දීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අමාත්‍යධූර 18ක් අද දිනයේ සංශෝධනය වූ අතර එම සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අතර සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක වන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
