ගුරු වෘත්තීය සමිති කෑගැහුවට ශිෂ්‍ය ප්‍රජාව අමතක නොකල අයවැයට ප්‍රසාදය !

ගුරු වෘත්තීය සමිති කෑගැහුවට ශිෂ්‍ය ප්‍රජාව අමතක නොකල අයවැයට ප්‍රසාදය !

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුබසාධනය නැංවීම වෙනුවෙන් 2024 අයවැය තුළ සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර තිබීම සාධනීය තත්ත්වයක් බව අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදය හමුවේ බලවත් අපහසුතාවට පත්ව සිටි ජනතාවට තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩිබරක් දැරීමට මේ හරහා සිදුනොවන බවත් ඔවුන් පවසයි.

එසේම මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කර ඇති බව ද පෙන්වා දෙන අධ්‍යාපන විශේෂඥයන් දුෂ්කර සමයක පීඩනයකින් තොරව උසස් අධ්‍යාපන කටයුතු වල නිරතවීමට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට අවස්ථාව හිමිවන බවත් පෙන්වා දෙයි.

එසේම ,

  • පාසල් ළමුන් ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන්, රුපියල් මිලියන 2,000ක්.
  • ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක්.
  • නොමිලේ පාසල් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 20,000ක්.
  • නොමිලේ පාසල් නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 6,000ක්.
  • දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2,500ක්.
  • 05 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක්.
  • රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබා දෙනු ලබන පොළී රහිත ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 2,000ක්.
  • පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10,500ක්.

වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුබසාධක කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට 2024 අයවැය කටයුතු කර ඇත .

කෙසේ වුවත් ගුරු වෘත්තීය සමිති නායකයකු වන ජෝෂප් ස්ටාලින් අද පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයක් අමතමින් පවසා සිටියේ , "අපේ ප්‍රශ්නය ගැන එක වචනයක්වත් කතා කළේ නැහැ." කියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න