ක්‍රිකට් බේරගන්න ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මැදිහත් වෙනවා - ප්‍රසන්න

ක්‍රිකට් බේරගන්න ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මැදිහත් වෙනවා - ප්‍රසන්න

මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .

මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ඉන් පිටතදීත් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණක් බව සඳහන් කරන අමාත්‍යවරයා ඒ නිසාම ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද පෙන්වා දෙයි.

එය කිසිසේත්ම දේශපාලන අත පෙවීමක් නොවන බවද ඔහු සඳහන් කළේය.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ඉල්ලීමට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇතැයිද සඳහන් කරන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ පොදු දේපලක් මිස ඔහුගේ පුද්ගලික බූදලයක් නොවන බවත් පැවසූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙවැනි ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමක් බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න