සේවකයන් වර්ජනයක් දියත්කර තිබියදී : තැපෑලේ නිවාඩු අවලංගු කරලා !

සේවකයන් වර්ජනයක් දියත්කර තිබියදී : තැපෑලේ නිවාඩු අවලංගු කරලා !

වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර විසින් මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වුවත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් ලියනගේ මාධ්‍ය වෙත පවසා සිටියේ නුවරඑළියේ සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බවයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (7) සවස 4 සිට ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව තැපල් සේවකයන් සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරයක් ලබන 9 පැවැත්වීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න