කොළඹ නගර සභාව සහ පොලීසිය එක්ව ක්‍රීඩා පිටි හෝ මාර්ග ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් පක්ෂය විසින් තෝරා ගනු ලබන මහා මාර්ග සහ පොදු ස්ථාන වල කම්කරු දිනය සැමරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම පක්ෂයේ මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයක මේ බව සඳහන් වන අතර ආණ්ඩුව විසින් සිදු කරන ලද කම්කරු දින තහනමට එරෙහිව මැයි 1 වනදාම කොළඹදීම කම්කරු දිනය සැමරීමට පක්ෂය තීරණය කළ බවත් ඒ අනුව 'ඇත්ත වෙනසකට වමේ බලයක්' තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලිය මරදාන එල්ෆින්ස්ටන් ශාලාව අසලින් මැයි මස 1වැනිදා පෙරවරු 11.00ට ආරම්භ වීමට නියමිත බවද එහි සඳහන් කර ඇත.
එසේම මැයි දින රැළිය පස්වරු 2ට පවත්වන බවද එම නිවේදනයේ සඳහන්ව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
