රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර පසුගිය 20 වැනිදා ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව 6 වැනිදා පෙරවරු 10.00 ට අදාළ පාර්ශ්ව කැඳවීමට අද (25) තීරණය කර ඇත .
ගැටුමට මැදිවූ තිදෙනා මෙන්ම සිද්ධිය ඇසින් දුටු සියලු දෙනා එහිදී කැදවීමට නියමිත බවත් වාර්තා වෙයි .
මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන කමිටු සාමාජිකයෝ අද (25) නැරඹූහ.
පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායකවරයා විසින් පත් කෙරුණු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ප්‍රථම වතාවට රැස්විය.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක කටයුතු කරයි.
මෙම කමිටුව සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද ඇතුළත් කිරීමට ඊයේ තීරණය කෙරිණ. එම මන්ත්‍රීවරියන් දෙදෙනා කවුදැයි නම් කරන ලෙස කමිටු ආණ්ඩු පක්ෂයට සහ විරුද්ධ පක්ෂයට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි
ලබන 06 වැනිදා කමිටුව රැස්වී විමර්ශන පැවැත්වීමෙන් පසු විමර්ශන වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන ට බාරදෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
