එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට කිසිඳු සාකච්ඡුාවක් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අලූතින් පත්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (28) මාධ්‍ය හමුවකදී පැවසිය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට මෙන්ම නියෝජ්‍ය නායක සහ උප නායක තනතුරු සඳහාද වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවූ බවද ඔහු එහිදී කියා සිටියේය.
මේ අතර අමාත්‍ය ජෝන් අමරතුංග පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ පොදු තීරණවලට එරෙහිව කිසියම් පසුපෙළ මන්ත්‍රීවරයෙකු කටයුතු කළහොත් එවැන්නන් සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා ඔවුන්ගේ මන්ත්‍රීධූරයන් අහෝසි කරන බවයි.
සිදුවූ ප්‍රතිසංවිධාන ප්‍රමාණවත් නොවන බවට ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන් කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා එම කාරණය අවධාරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
